Monday, April 29, 2024
Follow Us
තැපැල් අයදුම්පත් භාරගැනීම 09 වැනිදා සිට

මහ මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මාර්තු 09 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. තැපැල් ඡන්ද හිමිකම අයදුම් කරන සියලු රාජ්‍ය සේවකයන් සිය අයදුම්පත් දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීන් වෙත යොමු කළයුතු බවයි.

2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර මහ මැතිවරණය පැවැත්වේ.

මහ මැතිවරණයේ ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා පැවත්වෙන අතර නාමයෝජනා භාරගැනීම මාර්තු 12 වැනිදා සිට 19 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරේ.

මහ මැතිවරණයෙන් පසු මැයි 14 වැනිදා පළමුවට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

(LNW)