Monday, April 29, 2024
Follow Us
කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි - ව්‍යවස්ථාදායක සභාවත් රැස්වීමේ අවශ්‍යතාවයක්

කැබිනට් මණ්ඩලය අද (04) රැස්වනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියද කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් සිදුවන්නේ නැහැ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණද ව්‍යවස්ථාදායක සභාවටද රැස්වීමට අවස්ථාව පවතිනවා.

ලබන 15 වැනිදාට පෙර ව්‍යවස්ථාදායක සභාව රැස් විය යුතුයි. ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

වැඩබලන පොලිස්පතිවරයාගේ ධූර කාලය ලබන 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න ධූරයේ ස්ථීර කරන්නේද, ඔහුගේ ධූර කාලය තවත් දින 14කින් දීර්ඝ කරන්නේද නැතහොත් වෙනත් අයෙකු පොලිස්පති ධූරයට පත් කරන්නේ දැයි එහිදී තිරණය කරනු ඇති.

(Neth)