Wednesday, February 11, 2026
Follow Us
පත්වීම් ලිපි නොලැබුණු උපාධිධාරීන් මගේ ළඟට එන්න, මම රස්සාව දෙනවා - බන්ධුල

මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණු උපාධිධාරීන් සිටින්නේ නම් ඔවුන්ට තමන් වෙත පැමිණ රැකියා සහතිකය ලබාගත හැකි බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"ඉවර නැති කවුරු හරි ඉන්නවා නම් මට ගෙනල්ලා දුන්නාම එයාගේ රස්සාව ලබාදීමේ සහතිකය අපි ලබාදෙනවා. සමස්ත ලංකාවෙම" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උපාධිධාරීන් සියලුම දෙනාට රැකියා ලබාදීමේ ලිපි මේ වනවිට යොමු කර ඇත්දැයි මාධ්‍යවේදීන් ඊයේ (03) කොළඹදී කළ විමසීමකදීය.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ මහනුවරදී ප්‍රකාශ කර තිබුණේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාස දෙකක කාලයකට අත්හිටුවන ලෙස තමන් දැනුම් දී ඇති බවයි.

(LNW)