Wednesday, February 11, 2026
Follow Us
කරු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සමු දෙයි

ඊයේ මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කතානායකවරයාගේ කාර්යභාරය ද අවසන් විය. ඒ අනුව කතානායකවරයා ලෙස කටයුතු කළ කරු ජයසූරිය මහතා සිය නිළ රථය ඇතුළු කතානායකවරයාට හිමි සියලු වරප්‍රසාද පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.

කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුව වෙත පැමිණ සිය කාර්යමණ්ඩලයට සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සමු දුන්නේය. කතානායකවරයා ලෙස කටයුතු කිරීමේදී ලබාදුන් සහයෝගය පිළිබ ඳව සිහිපත් කළ ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් සියලු දෙනාට ස්තුතිය පළකරන බව ප්‍රකාශ කළේය.

(LNW)