Monday, April 29, 2024
Follow Us
පුලුවන් නම් වාහන හෝදන එකත් තහනම් කරනවා - වාසු

පවතින උණුසුම් කාලගුණ තත්වයත් සමග ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත්, එහෙත් එම ඉහළ යන ප්‍රමාණය සැපයීමේ අර්බුදයකට ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ නිසා ජල පරිභෝජනය සීමා කිරීමට හා ජල සම්පත ආරක්ෂා කිරීමට සියලු දෙනා මැදිහත් වියයුතු බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

විශේෂයෙන් පොහොසත් පවුල්වල පුද්ගලයන් ගෙවතු අලංකරණය වැනි කටයුතු සඳහා සැලකිය යුතු ජල ප්‍රමාණයක් වැය කරන බවත්, ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී සිටින අර්බුදය හමුවේ මල් පැලවලට යෙදීමට සහ වාහන සේදීම වැනි කටයුතු සඳහා පිරිපහදු කළ ජලය භාවිතා කිරීම ජලය අපතේ හැරීමක් ලෙස සැලකිය හැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමාට බලය තිබුනේ නම් පිරිපහදු කළ ජලය යොදාගෙන වාහන සේදීම සහ ගෙවතු අලංකරණය වැනි කටයුතු සඳහා පිරිපහදු ජලය භාවිතා කිරීම තහනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ.

(LNW)