Monday, April 29, 2024
Follow Us
අද පාර්ලිමේන්තුව විසුරුවනවා, ඒක ස්ථිරයි - ජී.ඇල්. පීරිස්

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව නිශ්චිතව තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ ඊට අදාල කටයුතු සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. පොදුජන පෙරමුණ අද (02) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.



සභාපතිවරයා පවසන්නේ ඉදිරි මහ මැතිවරණය ජය ගැනීම සම්බන්ධ‍යෙන් කිසිදු සැකයක් හෝ ගැටලුවක් නොමැති බවයි. පොදුජන පෙරමුණ ඉහළින්ම ජයග්‍රහණය කරවීමට ජනතාව සූදානමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

(LNW)