රාජ්‍ය හා අනුබද්ධිත ආයතනවලට සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත මෙම චක්‍රලේඛය යවා ඇත.
පුහුණු ශ්‍රමය සැපයීම පෙරදැරි කරගෙන රජය විසින් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකායක් පිහිටුවීමට තීරණය කර ඇතැයිද ඒ අනුව සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ඒ යටතේ පවතින සියලුම ආයතනවල දැනට පවතින ප්‍රාථමික සේවා ගණයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙසද චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.
මේ සඳහා ඇමැති මණ්ඩයේ අනුමැතියද හිමිව ඇති බව පවසන භාණ්ඩාගාර ලේකම්වරයා සෑම ආයතනයකම පසුගිය දෙසැම්බර් 31 වැනි දිනට පවතින පුරප්පාඩු පිළිබඳ වාර්තාවක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දී තිබේ.
(Aruna)