පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හරිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති.
මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැඳවන දිනය ද අදාළ ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊයේ (01) මධ්‍යම රාති‍්‍රයේ 12.00 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතරහමාර ඉක්මවා ගියා. ඒ අනුවයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි වුණේ.
අද දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නාමයෝජනා කැඳවීම මාර්තු මස 12 වැනිදා සහ 19 වැනිදා අතර සිදු කළ යුතු වනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මෙලෙස පැහැදිලි කළා.
එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේ අප්‍රේල් මස 22 වැනිදායින් පසු බවයි.
මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකයි. ඒ අනුව බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
(Neth)