Thursday, July 03, 2025
Follow Us
දේශීය කටුපොල් ව්‍යසනයෙන් රට ගලවා ගැනීම පිළිබඳව ජනපතිට ජාතියේ ප්‍රණාමය

ජාතික සංවිධාන වල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට දේශහිතෛහී ජාතික ව්‍යාපාරය සිය ස්තූතිය සහ ගෞරවය පුද කර සිිටියි.

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් –

විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ ජාතික සංවිධාන වල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම පිළිබඳව පලමුවෙන්ම ඔබතුමා වෙත අපගේ ස්තූතිය සහ ගෞරවය පුද කිරීමට කැමැත්තෙමු.

ඒ ආකාරයට ව්‍යාපාරිකයින්ගේ අයුතු බලපෑම් වලට අවනත නොවී සෘජු සහ යුක්තිගරුක තීන්දු ගැනීම මඟින් සමස්ථ ජනතාවට ඉතා සුවිශේෂි පණිවිඩයක් ලබා දී ඇත.

ඒ අතර දැනට පවතින හෙක්ටයාර් 10,000 ක කටුපොල් වගාව මඟින් තෙල් ලබා ගැනීම සඳහා ඉතා ප්‍රාථමික සහ නොදියුණු තාක්ෂණයන් යොදාගැනීම නිසා බරපතල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ පාරිසරික ප්‍රශ්ණයක් පැන නැගී ඇත.

එම කර්මාන්තශාලා 02 මඟින් නිකුත් කරන අපද්‍රව්‍ය කොළඹ මළඅපවහන පද්ධතියට මුසු කොට නීති විරෝධීව මහ මුහුදට මුදා හරින අතර ආහාරයට ගැනීම සඳහා වෙළඳපළට නිකුත් කරන තෙල් වල ප්‍රමිතිය සහතික කිරීමක් සිදුවන්නේ නැත.

එම නිසා එම තෙල් වල පිළිකාකාරකයක් වන ” ග්ලිසිඩොල් ” නැමැති කාබනික රසායනය විශාල වශයෙන් අඩංගු විය හැක. ඒ අනුව ඒ පිළිබඳව ද සොයා බලා වහා පිළියම් යොදනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ගුණදාස අමරසේකර ,

සභාපති.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

(Lanka Leads)