Tuesday, August 25, 2026
Follow Us
මානව හිමිකම් සැසියට සහභාගී වූ විදේශ ඇමති දිනේෂ් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ පස්වරුවේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ද හමු වුණා.

(Neth)