කලාපීය ආරක්ෂාව සඳහා දායක වන ලෙස ඉන්දියාව ඇතුළු කලාපීය රටවල් දැන් වූ පසු ඒ වෙනුවෙන් කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම නාවුක සහ ගුවන් හමුදාව එක්ව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන බව අද (29) උඩුදුම්බර, බෝපාන, උඩපිටවල ප්‍රදේශයේ පැවති ආගමික අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා විසින් සඟසතු කරන ලද අක්කර දහසයක භූමි පරිශ්‍රයේ ඉදිකරන ලද අස්ගිරි මහ පිරිවෙනට අනුබද්ධිත උඩුදුම්බර සමථ විදර්ශනා භාවනා මධ්‍යස්ථානය සහ එහි දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ යුද හමුදාපතිවරයා භාවනා කුටි විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා එක්ව රටේ ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කර ඇති බවත් සතියකට වරක් ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
(LNW)