අටවන පාර්ලිමේන්තුව එළඹෙන සදුදා දින (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හැරීමට නියමිතය.
ඒ සදහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වනු ඇත.
භාරකාර ආණ්ඩුව යටතේ බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමතිවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග රාජ්‍ය ඇමතිවරැන්ගේ තනතුරු අහෝසි වනු ඇත.
(Lanka Leads)