Friday, July 04, 2025
Follow Us
ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කළේ තාවකාලිකවයි - කැබිනට් ප්‍රකාශක

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය ආණ්ඩුව විසින් අහෝසි කළේ තාවකාලිකව බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම තීරණය හේතුවෙන් ගල්, වැලි, පස් මිල පහළ වැටිය යුතු බව පැවසූ අමාත්‍යවරයා එම සහනය ජනතාව වෙත ලැබෙන්නේද යන්න මෙන්ම මින් අයහපත් ප්‍රතිඵල ඇතිවේද යන්නත් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත්කර තිබෙන බවයි සඳහන් කළේ.

එම කමිටුව විසින් ලබාදෙන වාර්තාව අනුව මෙම බලපත් අහෝසි කිරීම දිගටම ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න පිළිබඳ ඉදිරි කැබිනට් රැස්වීමකදී තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

(LNW)