Friday, July 04, 2025
Follow Us
පළාත් සභා ඡන්දය කඩිනම් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න – මැකෝ පක්ෂ නායකයන්ට කියයි

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයකට හෝ පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය කඩිනමින් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඊයේ (4 වැනිදා) ඉල්ලා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් සමග කොමිෂන් සභාවේ පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම යොමු කර තිබේ.

ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ පිළිබඳ තීන්දුවක් ගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා ලෙස සභාපතිවරයා ඉල්ලා තිබේ. පාර්ලිමේන්තුවේ තීරණය ලැබුණු පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පළාත් සභා සියල්ල විසුරුවා හැර තිබේ. ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වන අතර ඔවුන්ගේ කාලයද මාස තුනක් වන බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

(Aruna)