Friday, July 04, 2025
Follow Us
හිටපු ඇමතිවරුන් තවමත් නිල නිවාසවල, අලුත් ඇමතිරුන් අනාථයි !

පැවති රජයේ කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවමත් ඔවුන් භාවිතා කළ නිල නිවාස නැවත බාර දී නොමැති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පසු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් වූ අතර ඒ අනුව පැවති රජයේ ඇමති ධුර සියල්ලම අහෝසි වේ. මේ වනවිට නව රජයේ ඇමතිවරුන් දිවුරුම් දී සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත් ඔවුන්ට නියමිත ඇමති නිල නිවාස මෙතෙක් ලබා දී නොමැත.

මෙතෙක් තමන්ට අයත් නිල නිවාස බාර දීමට කටයුතු කර ඇත්තේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු පමණි. මේ නිසා නව ඇමතිවරුන්ට නිල නිවාස ලබා දීමේ අර්බුදයකට මැදිව ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර හිටපු ඇමතිවරුන් බහුතරයක් සිය කටයුතු සඳහා භාවිතා කළ අමාත්‍යංශ වාහන ද මෙතෙක් බාර දීමට කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.

(LNW)