අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට සහ අවදානම් කලාපවල ජීවත් වන ජනතාව ඉන් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව ඉන් ඉවත් කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරන්නැයි බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති රැස්වීමකදීය. පසුගිය කාලයේදී ඇති වූ හදිසි අවස්ථාවලදී අවතැන්වූවන් සහ සිදු වූ හානිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.
අද ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිටින සිසුන්ගේ විභාග කටයුතුවලට සිදුවන බාධා ඉවත් කිරීමට උපදෙස් ලබා දී ඇති අතර විභාග මධ්‍යස්ථාන කරා යා නොහැකි සිසුන්ට විකල්ප විභාග මධ්‍යස්ථාන පිළියෙල කරන ලෙස ද නියෝග කර තිබේ. ආපදාවලට ලක්ව සිටින දරුවන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
(LNW)