Friday, July 04, 2025
Follow Us
ගුරු සහායකයින් ලෙස එකවැර 50,000ක් බඳවා ගන්නවා - ඇමති බන්ධුල

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වරම් නොලැබූ උසස් පෙළ සමත් සිසු සිසුවියන් 50,000ක් ගුරු සහායකයින් ලෙස එකවර බඳවාගෙන පාසල්වල ප්‍රාථමික අංශ සඳහා යොමු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අඩංගු කරුණක් වශයෙන් මෙය අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මූලික ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසූ ඒ මහතා එසේ බඳවා ගන්නා සිසු සිසුවියන්ට උපාධි ලබාගැනීමේ අවස්ථාව ද සලස්වන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔවුන්ට වසර 4ක කාලසීමාවක් සඳහා දීමනාවක් සහ පොළී රහිත ණය ලබාදීමට ද සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

(LNW)