Tuesday, February 10, 2026
Follow Us
අලුත් වෙනස්කම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වෙන්නේ අයවැයකින් පස්සේ - බන්ධුල

නව රජය විසින් හඳුන්වා දී ඇති වෙනස්කම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේ මහමැතිවරණයකින් පසුව නව අයවැයක් සම්මත කරගැනීමෙන් අනතුරුව බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

මහමැතිවරණයක් පැවැත්වෙන තෙක් අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට සිදුව ඇත්තේ අතුරු සම්මත ගිණුමකින් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා වැඩ බාරගත් අවස්ථාවට එක්වෙමිනි.

(LNW)