Saturday, July 05, 2025
Follow Us
මහින්ද අගමැති ධූරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (21) දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.

ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ මෙවර දිවුරුම් දෙන්නේ තුන්වන වරටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම විධායක ජනාධිපතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා මව්බිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නායකයකු වනවා.

(Neth)