Monday, August 31, 2026
Follow Us
සා/පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද (17) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 451463 දෙනෙක් පෙනී සිටිති.

ඒ අතරින් 382249 දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ ය. පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 69214කි. 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර හා හලාවත යන ප්‍රදේශවල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ, කයිතඩි නෆීර් විශේෂිත පාසලේ සහ වටරැක තුන්හිත විද්‍යාලයේ විශේෂිත විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.