දිස්ත්‍රික්ක කිහිපයකට බලපාන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.
ඒ අනුව කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම ප්‍රබල අකුණු පිළිබඳව අවධාරණය කර තිබේ.
මෙම නිවේදනය අද (15) මධ්‍යහ්න 12ට නිකුත් කර ඇති අතර අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.