Saturday, February 14, 2026
Follow Us
පාසල් සිසුන්ගේ පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3,000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාතයංශය සඳහන් කරයි.

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.15 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.02.28 දින දක්වා දීර්ඝ වේ.