මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ e- Court ව්යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්රියාත්මක කිරිම සඳහා Clean Sri lanka ව්යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්රතිපාදනවලින් රුපියල් මිලියන 150 ක ප්රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය හඳුනා ගෙන ඇති අතර එම ඩිජිටල් පරිවර්තන ක්රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්රොනික පද්ධතියක් (e- CMS) සාර්ථකව ක්රියාත්මක කරමින් පවතී.
ශ්රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e- CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම e- Court ව්යාපෘතියෙන් අපේක්ෂා කරයි.
මෙමගින් දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙන නඩු ප්රමාදයන් දත්ත විනිවිදභාවය නොමැතිකම ආදී ගැටලු රැසක් මඟ හැරවීමට හැකි වනු ඇත.