2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් 2025.12.09 දිනැති අංක ED/09/12/06/05/01 – 2025 දරන ලිපිය මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර තිබෙන බවත් ඊට වැඩිමනත් වශයෙන් යළිත් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබේ.
එමඟින්, 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට, විශේෂයෙන්ම සියලු ම විදුහල්පතිවරුන් වෙත අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.