අඹේපුස්ස - අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති පැමිණි ගඩොලින් කරන ලද ආරුක්කු හැඩති බෝක්කුව අසලින් ගලා බසින මාඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය අඩි 45ක පමණ කුහරයක් සෑදීම නිසා ප්‍රධාන මාර්ගය අවහිර වීමෙන් ප්‍රධාන උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය ඇණ හිටීන ලදී.
මේ හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා සීමා කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවවේ ශ්‍රම දායකත්වයෙන් අඹේපුස්ස අලව්ව අතර ඛුජ්ජෝමුව දුම්රිය මාර්ගයේ පැවති අවහිරය ඉවත්කර 2025.12.09 දින දුම්රිය මාර්ගය යථාවත් කරන ලදී.
ඒ අනුව හෙට සිට (10) උදෑසන කාර්යාල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

