සමස්ත දිවයිනටම බලපා ඇති අපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෘෂිකාමික ක්ෂේත්ර යථාවත් කිරීම සම්බන්ධයෙන් භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.
දිට්ටා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වු ගංවතුරෙන් දැඩිලෙස හානියට පත් කුඹුරුවල ගොඩගැසී ඇති වැලි හා වැලි මිශ්ර පස් කඩිනමින් ඉවත්කිරීම සම්බන්ධයෙන් සිදුකරන ඉල්ලීම සැලකිල්ලට ගෙන ගැටලුව කඩිනමින් විසඳා ගැනීමේ අරමුණින් ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්රිකුණාමලය, අමිපාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වවුනියාව, මුලතිවු, අනුරාධපුර, කුරුණැගල යන දිස්ත්රික්කයන්ට අදාළව මහවැලි සී,බී,ඩී,එච්, හුරුළුවැව, රඹකැන් ඔය හා එල් යන කලාපයන් තුල පිහිටා ඇති කුඹුරු ඉඩම් වල තැම්පත් වී ඇති වැලි හා වැලි මිශ්ර පස් කුඹුරු ඉඩමෙන් ඉවත්කර නැවත වගා කන්නය ආරම්භ කිරීම සඳහා අවශ්යව ඇති පසුබිම තුල ඒ සඳහා උක්ත ද්රව්ය ඉවත් කිරීම වගා ඉඩමේ හෝ ඉඩමේ හිමිකරුගේ ගොඩ ඉඩම වෙත හෝ අනුමැතිය ලත් වෙනත් භූමියකට සැහැල්ලු ප්රවාහන මාධ්යක් ඔස්සේ ප්රවාහනය කොට අවශ්ය කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය වෙත මේවන විට ලබාදී ඇත.
මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු, වගා බිම්තුල එකතුව ඇති වැලි හා වැලි මිශ්ර පස් ඉවත් කිරීම සිදුකොට එම වගා භූමියේම කොටසක ගබඩා කිරීම සදහා අනුමැතිය ලබා දීමට කාර්යාංශය ප්රාදේශීය කැණීම් ඉංජිනේරුවන් හට මේ වන උපදෙස් ලබාදී ඇත.
ඉදිරියේදී උක්ත කාරනයන්ට අදාලව වැලි හා වැලි මිශ්ර පස් ගබඩා කරනු ලබන ස්ථානවල සිට වානිජ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සදහා අදාල වන නිසි අවසරයන් කාර්යාංශය මගින් ලබා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.