Friday, November 21, 2025
Follow Us
පොලීසියෙන් දැනුම් දීමක්
මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී අද (21) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත මහජන රැලියට සහභාගීවන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ, ප්රභූවරුන්ගේ, දේශපාලන පක්ෂ නායකයින්‌ගේ, නියෝජිතයින්ගේ, පාක්ෂිකයින්ගේ හා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි 

 

ඒ් අනුව එදින දහවල් 02.00 සිට රැළිය අවසන් වන මොහොත දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇත.
 
අදාළ කාල සීමාව තුල එම මාර්ග කොටස භාවිතා කරීමට නියමිත රියදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කර ගමන් පහසුව සලසා ගන්නා මෙන් දැනුම් දී තිබේ.
 
-කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කල හැකිය.
 
- පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකිය.
 
- මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔසසේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.