Tuesday, November 11, 2025
Follow Us
සෑම විදාතා සම්පත් මධ්‍යස්ථාන සඳහා ම උපාධිධාරියෙකු සේවයේ යෙදවීමට තීරණයක්

2026‑2030 කාලසීමාව සඳහා විදාතා වැඩසටහන වෙනුවෙන් සකස් කරනු ලැබ ඇති පස් අවුරුදු උපායමාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 සඳහා එක් විදාතා මධ්‍යස්ථානයක එක් විද්‍යා උපාධිධාරියෙකු බැගින් වන පරිදි සේවයේ යෙදවීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විද්‍යාත්මක පර්යේෂණ හරහා ජනිත වන නව්‍ය තාක්ෂණික දැනුමෙන් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින්, ‘ගමට තාක්ෂණය’ යන සංකල්පය යටතේ, විදාතා වැඩසටහන ආරම්භ කරනු ලැබ ඇති අතර, මේ වන විට රට පුරා විදාතා මධ්‍යස්ථාන 315ක් ක්‍රියාත්මක වේ.

2021‑2024 කාලය තුළ අඩු අවධානයක් යොමු ව තිබූ ‘ගමට තාක්ෂණය’ යන සංකල්පය සවිමත් පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විදාතා වැඩසටහන සඳහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම - 2026-2030 සකස් කරනු ලැබ ඇත.

එමෙන්ම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමඟ සහයෝගිතාවයෙන් විදාතා සම්පත් මධ්‍යස්ථාන ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමේ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.