2024 වසරේ සිදුකළ ජන හා නිවාස සංගණනයේ තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව  ඊයේ (30) සිදු කළේය.
ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800 ක් ලෙස වාර්තා වී තිබේ. මෙවර සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි වී තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස මුළු ජනගහනයෙන් 51.7% ක් ස්ත්‍රීන් සහ සියයට 48.3%ක් පුරුෂයින් වේ.
2021 වසරේ ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 20,359,439ක් වී තිබේ. එය 2024 හා සැසදීමේදී 2024 වර්ෂයේ ජනගහනය 1,422,361ක වැඩිවීමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.
 එසේම 2012 වර්ෂය හා සසඳන විට 2024 සංගණනයේ දී ග්‍රාමීය අංශයේ 1,343,596ක ජනගහන වර්ධනයක් ද, නාගරික අංශයේ 114,733ක වර්ධනයක් ද පෙන්නුම් කරන අතර, වතු අංශයේ පමණක් 35968ක ජනගහනයේ අඩුවීමක් දක්නට ලැබේ.
මෙම 2024 සංගණනයේදී වැඩිම ජනගහනයක් වාර්තා වී තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. 2021 වර්ෂයේදී එය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
 
     