Sunday, October 26, 2025
Follow Us
ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

 "නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව" මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇත. මෙම Whatsapp සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

එමෙන් ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.