Wednesday, October 22, 2025
Follow Us
යළිත් කොළඹ - නුවර අතර දුම්රිය ගමන් ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වයත් නිසා ධාවනය තාවකාලිකව නතරකර තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් හෙට (23) සිට යළිත් ධාවනයට එක්කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මහනුවර සිට කොළඹ කොටුව හා කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය කිහිපයක් ඒ අනුව යළි ධාවනයට එක්කර තිබේ.

 

1 569296505 1393765908976607 425275510040816579 n

 

2 569323293 1393765892309942 21067807495989788 n