Wednesday, October 22, 2025
Follow Us
තෝරා ගත් පාසල් සිසුන්ට පාවහන් යුගල් ලබා ගැනීම සඳහා වවුචර්පත්
2026 වර්ෂය සඳහා තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් යුගලක් ලබා ගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්රතිලාභීන් වෙත ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ් අනුව එම වැඩසටහන යටතේ පහත සඳහන් පරිදි සිසුන් තෝරා ගැනීම සිදු කෙරේ.

 

සමස්ත දිවයිනේම ශිෂ්ය සංඛ්යාව 250 ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් 644, 000ට,  ශීෂ්ය සංඛ්යෘව 251-500 දක්වා වන වතු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සිසුන් 53, 093
විශේෂ අවශ්යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30 ක සිසුන් 2300ට, පිරිවෙන්වල ‌තෝරා ගත් ගිහි/ පැවිදි සිසුන් 30,000ට මෙම දීමනාව ලබා දෙයි.
 
මේ අනුව උපරිම රුපියල් 3000ක වටිනාකමක් සහිත වවුචර්පත් මෙම වැඩසටහන යටතේ ලබා දීමට නියමිතය.