පහ වසර ශිෂ්‍යත්ව 2025 විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර onlineexams.gov.lk දරන වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.