“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” කඩොලාන වනාන්තර රක්ෂිත කිරීමේ වැඩසටහන ඊයේ (26) පාලවිය, කරඹ දී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්‌ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
2025 ජගත් පරිසර දිනයට සමාගාමීව සිදු කරන ලද පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ ඉදිරි පියවරක් ලෙස වනස්පති ජාතික වැඩසටහන පසුගිය 15 වන දිනෙන් ආරම්භ විය. එම වනස්පති වැඩසටහන යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කර ගනිමින් රක්ෂිත 16ක් නම් කෙරිණ. ඒ අනුව ලංකාවේ පවතින වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” නමින් නව වැඩසටනක් ද ඊයේ(26) සිට ආරම්භ විය. මේ වැඩසටහන ඔස්සේ ලංකාවේ විවිධ කඩොලාන පවතින ප්‍රදේශ තෝරාගනිමින් කඩොලාන වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කරනු ලබයි.
ප්‍රථම අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරිණි. එම “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පාලවිය, කරබ පරිශ්‍රයේ දී පැවැත්විණ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වැඩසටහන කටයුතු සූදානම් කර තිබූ අතර එම වැඩසටහනට සමගාමිව කල්පිටිය ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහභාගී කරගනිමින් කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක්ද පැවැත්විය.
ලංකාවේ මේ වන විට පවතින සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතව වේ. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණයන්ගෙන් කරුණු අනාවරණය වේ.
අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීම ද ඊයේ (26) කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සදහා විසදුම් සෙවීමේ අරමුණෙන් පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ආනවිලුන්දාව රැම්සාර් තෙත් බිම් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.
ආනවිලුන්දාව රැම්සාර් පරිශ්‍රයේ හායනය වී ඇති කඩොලාන යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමද වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිත වන අතර කඩොලාන කඩිනම් ස්වාභාවික පුනර්ජනනය (Accelerated Natural Regeneration Of Mangroves - ANRM ) ව්‍යාපෘතියට සමගාමිව වැඩසටහන් කිහිපයක් ද පැවැත්විණ.