මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ඇති වූ ගංවතුර හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන වාරි යෝජනා ක්‍රම කිහිපයකට දැඩි හානි සිදු වීම හේතුවෙන්, එම යෝජනා ක්‍රමවල වගා ඉඩම් සඳහා ජලය නිකුත් කිරීමට දැඩි බාධාවන් පැන නැඟී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය යෝජනා ක්‍රමය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය හා ගිරිතලේ වාරි ව්‍යාපාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රමවල ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
එකී ප්‍රතිපාදන භාවිත කරමින් ඉහත සඳහන් වාරි ව්‍යාපාරවල පහත සඳහන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
* මින්නේරිය වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවහන ඇළ මාර්ග පිළිසකර කිරීම - රුපියල් මිලියන 300
* ගිරිතලේ වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය පිළිසකර කිරීම - රුපියල් මිලියන 200
* ගල්ඔය යෝජනා ක්‍රමයේ ගංවතුර හානි හා කැඩී ගිය ඇළ පද්ධති පිළිසකර කිරීම - රුපියල් මිලියන 900
* හුරුළුවැව වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවහන ඇළ මාර්ග පිළිසකර කිරීම - රුපියල් මිලියන 300
* රාජංගනය වාරි ව්‍යාපාරයේ ගුරුත්ව හා උස්සාන වාරි පද්ධතීන්හි පිළිසකර කිරීම් සිදු කිරීම - රුපියල් මිලියන 300