Tuesday, June 24, 2025
Follow Us
ඉන්ධන හිඟයක් නැහැ- පෝලින්වල ඉන්න එපා

වසර අවසන් වන තුරු තෙල් ඇනවුම් කර තිබෙන බවත් ඉදිරි මාස දෙකට තෙල් සංචිත ඕනේ තරම් තියෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථායේ සභාපති ජනක රාජකරුණා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.

තෙල් මිල වැඩි වෙන්නත් කිසිම හේතුවක් නැති බව පෙන්වා දුන් සභාපතිවරයා බොර තෙල් මිල ඊයෙත් පහළ ගොස් ඇති බව ද පෙන්වා දුන්නේය.

එම නිසා පෝලිම්වලට නොයන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉරානය තෙල් අපිට ගැටලුවක් නැති අතර මෙරටට ඉරානයෙන් තෙල් ගෙන්වීමේ අවශ්‍යතාවයකුත් නොමැති බව ද සඳහන් කළ අතර තෙල් හිඟයක් ඇති වෙයි කියලා කිසිම විශ්ලේෂණයක් නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.