ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක් වෙමිනි.
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබෙන බවත් ඒ අනුව, "සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ" (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.