Monday, February 09, 2026
Follow Us
අස්වැසුම මැයි මස ප්‍රතිලාභී දීමනා බැංකු ගිණුම් වෙත

සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මැයි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දිමනාව මැයි 22 දින සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895 (දාහතර ලක්ෂ විසිතුන් දහස් අටසිය අනූපහක්) සඳහා රු. 11,274,314,000.00 (එකොලොස් බිලියනදෙසිය හැත්තෑ හතර මිලියන තුන්සිය දාහතර දහසක) ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා මැයි මස 22 වන දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.