Monday, February 09, 2026
Follow Us
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති පත් කෙරේ

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා මේ දිනවල දිවයිනෙන් බැහැරව ගොස් ඇති අතර, ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩබැලීම සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත.

වෛද්‍ය හංසක විජේමුණි මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, ඒ මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.