Saturday, April 19, 2025
Follow Us
උණුසුම් කාලගුණයක්

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන්.

 එමනිසා වැඩ බිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය