කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ ජල කුලුණු හා බෙදා හැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (2025.03.19) දින පෙ.ව. 8.00 සිට එදින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් කටාන උතුර කලාපයේ පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ජල සැපයුම අත්හිටුවීම බලපාන ප්‍රදේශ-
බම්බුකුලිය, මුරුතාන ,කටාන උතුර , කටාන බටහිර ,නැගෙනහිර කටාන, උඩංගාව, මානවේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහල කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ , ආඩිකණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහඇත්ගාල සහ නැගෙනහිර කළුවාරිප්පුව