මේ වනවිට ඉන්ධන ගැටලුවක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දෙන මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක විමට තෙල් බෙදුම්කරුවන් එකඟ වූ බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එමෙන්ම පසුගිය කාලයක් පුරා තෙල් බෙදුම්කරුවන් ලබා ගත් කොමිස් මුදල අනීතික බව අධිකරණයෙන් තහවුරු වූ බවද අමාත්‍යවරයා පැවසුවේය.
අද (04) බෙදුම්කරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තෙල් ගැනුම්කරුවන්ට තමන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කරුණු ඇති බව සඳහන් කළ බවත් තෙල් සංස්ථාව හඳුන්වා දෙන සූත්‍රය ක්‍රියාත්මක වන අතරේ බෙදුම් කරුවන්ගේ එම යෝජනාවලට ඇහුම්කම් දිමට යළිත් වතාවක් එළැබෙන (18 ) වෙනිදා සාකච්ඡාවක් පවත්වන බවද පැවසුවේය.
තෙල් සංස්ථාව ශක්තිමත් කරන බවත් එය ශක්තිමත් කිරීම තුළින් පමණක් රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට හැකිවන බව සඳහන් කළ අමාත්‍යවරයා , බෙදුම්කරුවන්ට තමන්ගේ ඉන්ධන පිරවුම්හල පවත්වාගෙන යාමට විදුලිබිල ,ජල බිල මෙන්ම සේවක වැටුප් ගෙවීමට සාධාරන කොමිස් මුදලක් ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.