Monday, February 09, 2026
Follow Us
ජාතික කාන්තා සතියක් මාර්තු 02 සිට 08 දක්වා

ලබන මාර්තු 02 සිට 08 දක්වා "ජාතික කාන්තා සතිය" වශයෙන් ප්‍රකාශයට පත් කර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමද ඇතුළත්ව ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


ඒ් "තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්" යන්න ප්‍රධාන තේමාව කර ගනිමින්ය.


මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම "සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම" යන්න තේමාව කරගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී, මාර්තු 08 දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.


එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබේ.