Wednesday, February 05, 2025
Follow Us
සහල් පාලන මිලෙහි වෙනසක් නැහැ- වී වලට සහතික මිලක්

සහල් සඳහා පවතින පාලන මිල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදු නොකරන බවත් ගොවියාට වී සඳහා සාධාරණ සහතික මිලක් වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමිනි.


ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක් ලෙස සහතික මිලක් ප්‍රකාශයට පත් කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


ප්‍රමිතිගත වී මෙම මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකියාවක් ඇති බවත් එම මිලට වඩා වැඩි මිලකට ගොවියාට මෙය අලෙවි කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.