Saturday, February 15, 2025
Follow Us
හෙට සුරාසැල් වැසේ

 77 වන ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා ඇති සියලුම සුරාසැල් හෙට (04) වසා තැබීමට තීරණය කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසන්නේ එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල් වලට මුද්‍රා තබන බවය.

අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

අනිද්දා (05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇත.