Friday, March 14, 2025
Follow Us

සෑම පුරවැසියෙකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ රජයේ ප්‍රධාන අරමුණට සාපේක්ෂව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම  සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර තිබේ.

ඒ් අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම, අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වාගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගිත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයන් වශයෙන් හඳුනා‌ගෙන තිබේ.