Wednesday, October 16, 2024
Follow Us
ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් දෙන නිර්දේශවලින් අනතුරුව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බව විභාග කොමිසාරිස් ජෙනාරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේය.

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශනයක් ආරම්භ කරන ලදි.

විභාගයේ ප්‍රශ්න තුනක් පිටවි ඇති බව ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඒ සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ , ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍යයින් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු 54 දෙනකු විසිනි. 

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝග කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Aruna