Monday, July 01, 2024
Follow Us
වංචනික විදෙස් රැකියා ආයතන හා පුද්ගලයින් පිළිබඳ 1989 ට දැනුම් දෙන්න
නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කිරීම පිළිබඳ ලැබෙන පැමිණිළි පිළිබඳ කඩිනමින් ක්රියාත්මක වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් ඒකකය කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

 මෙවැනි ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව කාර්යංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 භාවිතා කර තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව ඇත.

එසේම,ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව කොට්ටාව, මාකුඹුර ප්රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් විය .
''Pearl Wings Visa Consultancy'' නමින් පවත්වාගෙන ගිය මෙම ආයතනයේ හිමිකරු වෘත්තියෙන් නීතිඥයෙකු බව වාර්තා වේ. මෙම ආයතනය විදේශසේවා නියුක්ති කාර්යංශයේ පදිංචි කර නැති අතර, වීසා උපදේශන සපයන මුවාවෙන් පුද්ගලයින් රැකියා සඳහා විදෙස් ගතකිරිම සිදුකර ඇත .
අත් අඩංගුවට ගත් ආයතනයේ හිමිකරු හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර ඇත.
ඒ අනුව, 0112864241 හෝ 0112864123 යන දුරකතන ඔස්සේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂන ඒකකය වෙත පැමිණිලි හා තොරතුරු ලබා දිය හැකි බවද එම කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටී.