Tuesday, February 10, 2026
Follow Us
පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට සංශෝධන

අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිදභාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව සිදු කරනු ලබයි. 

 

ඒ අනුව, පසුගිය වර්ෂයන්හි ලැබු අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමටත්, එකී සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.