Sunday, June 23, 2024
Follow Us
රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීම ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් සමත්   රියදුරු උපදේශකවරුන් 475 දෙනෙකු  සහ සහකාර රියදුරු උපදේශකවරුන් 75 දෙනෙකු සඳහා අදාල බලපත්‍රය ලබාදීම මෙහිදී සිදුවිය.

අවසන් වරට රියදුරු  උපදේශක උපදේශිකාවන් සහකාර උපදේශකවරුන් බලපත් ලබා දී ඇත්තේ 2016 වසරේදීය.මෙම බලපත්‍ර 2022 වසරේ පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වූ අය සඳහාද මෙම බලපත්‍රය ලබාදෙන ලදී.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නිශාන්ත වීරතුංග මහතා හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රියදුරු උපදේශකවරුන් ඇතුලු  පිරිසක් සහභාගි විය.